කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැකකටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්ෂා කිරිමේ දී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයින් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇති අතර,මෙම පුද්ගලයින්, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදෙන ලදී.