‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ යතුරු පැදි තරඟාවලිය 2019 ඔක්තෝබර් මස 06 වන දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවති අතර, එහිදී නාවික හමුදා යතුරු පැදි සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා ලදී.

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 07 දෙනෙකු තරඟ වැදුණු අතර, එහිදී මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වන ලදී. තවද, මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.


අශ්ව බල 125 ස්ටෑන්ඩඩ් අංශය

තෙවන ස්ථානය - ප්‍රවාහන සහයක ජීඒඒඑස් ප්‍රභාත්


අශ්ව බල 250 ස්ටෑන්ඩඩ් අංශය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන්

තෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ


අශ්ව බල 250 රේසිං අංශය (පළමු තරඟාවලිය)

දෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ

තෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන්


අශ්ව බල 250 රේසිං අංශය (දෙවන තරඟාවලිය)

දෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන්