වැදගත් සිදුවීම්

‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ යතුරු පැදි තරඟාවලිය 2019 ඔක්තෝබර් මස 06 වන දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවති අතර, එහිදී නාවික හමුදා යතුරු පැදි සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා ලදී.

07 Oct 2019

57 වන ජාතික ජුඩෝ තරගාවලියේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදාව හිමිකර ගනී

2019 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හිදී නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 57 වන ජාතික ජුඩෝ තරගාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම සමත් වීය.

07 Oct 2019

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 ඔක්තෝබර් 07) ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගන්නා ලදී.

07 Oct 2019

විදේශීය ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් අද (2019 ඔක්තෝබර් 07) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.

07 Oct 2019

වයඹ මුහුදු තීරයෙන් බීඩිකොළ කිලෝග්‍රෑම් 881 සොයා ගැනේ

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 ඔක්තෝබර් 06 වන දින කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

07 Oct 2019