මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කා‍ර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 07 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගන්නා ලදී.

නැගෙනහිර නාවික විධානය සහ මුලතිව්, පොලිස් විශේෂ කා‍ර්ය බලකාය එක්ව අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්‍රදේශයේදී බෝම්බ සහ පතොරම් තොගයක් මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 04 ක්, 7.62 x 54 මිමි පතොරම් 357 ක්, අත් බෝම්බ 03 ක් සහ ටී 56 අවි සඳහා භාවිතා කරනු ලබන මැගසින් 01 ක් සොයා ගෙන ඇත.

තවද, මෙම බෝම්බ සහ පතොරම් තොගය මානුෂිය මෙහෙයුම් සමයේදී ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගොස් ඇති බවට සැක පල කරන අතර, අදාල බෝම්බ සහ පතොරම් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මුලතිව්, පොලිස් විශේෂ කා‍ර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.