වැදගත් සිදුවීම්

පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී

2019 ඔක්තෝබර් 05 සහ 06 යන දෙදින ත්‍රිකුණාමලය, තිස්ස මහ විද්‍යාලයේ සිසුන් සඳහා නාවික හමුදා දායකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

08 Oct 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 07 වන දින අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

08 Oct 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 07 වන දින වෙලනි, සෙට්ටිපුරම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 95 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

08 Oct 2019

මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කා‍ර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 07 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගන්නා ලදී.

08 Oct 2019