පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී

2019 ඔක්තෝබර් 05 සහ 06 යන දෙදින ත්‍රිකුණාමලය, තිස්ස මහ විද්‍යාලයේ සිසුන් සඳහා නාවික හමුදා දායකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, තිස්ස විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා මනෝ වෛද්‍ය ඒකකයේ උපදේශකයින් විසින් මෙහෙයවන ලද අතර, ඒ සඳහා ත්‍රිකුණාමලය, තිස්ස මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහභාගීවී සිටියහ.

එහිදී නායකත්ව හැකියාවන්, යෝග පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා වැඩසටහන් ආදි වූ ක්‍රියාකාරකම් රැසක් පවත්වන ලද අතර, සමාජීය මෙන්ම තම පෞර්ශ වර්ධනයට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.