හම්බන්තොට වරාය පරීශ්‍රයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් මස 08 වන දින හම්බන්තොට ජාත්‍යාන්තර වරායේ අධිවේගී පිවිසුමේදී යකඩ එකතු කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, හම්බන්තොට වරාය අධිවේගී පිවිසුම් පරිශ්‍රය තුළ සැක කටයුතු ලෙස ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දකුණු නාවික විධානය විසින් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී වරායේ අධිවෙගී පිවිසුම් මාර්ගයේ යකඩ එකතු කරමින් සිට ඇති බව කරුණු අනාවරණය කර ගෙන ඇත. එහිදී නීති විරෝධී අන්දමින් යකඩ එකතු කිරීම හේතුවෙන් මෙම සැකකරුවන් මෙලෙස නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී ඔවුන් සතුව තිබූ තිරෝද රථය මෙන්ම එකතු කරන ලද යකඩ කිලෝග්‍රෑම් 200 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස 26 ත් 36 ත් අතර වයස් වල පසුවන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් සැකකරුවන්, ත්‍රීරෝද රථය සහ යකඩ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.