නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් ‍තිදෙනා (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම ගජමුතු නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සුදානම්කර තිබූ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, මෙම සැකකරුවන් මෙම ජාවාරමේ නිරතවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන් අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 39 වන වියෙහි පසුවන පුද්ගලයින් වන අතර, සැකරුවන් සහ ගජමුතු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්මුණේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.