මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මෙම හෙරොයින් ප්‍රමාණය පැකට් 07 ක අසුරා අලෙවි කිරීම සඳහා සුදානමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුන්දලම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.