කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2019 ඔක්තෝබර් 09) යාපනය, මාදගල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ ඉලවාලෙයි පොලිසිය එක්ව යාපනය, මාදගල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 38.8‍ සමඟ කාන්තාවක් ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාව වයස අවුරුදු 49 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ කැස්බෑ මස් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ඉලවාලෙයි, පොලිසිය විසින් සිදු කරනු ලබයි. තවද, මෙවැනිම ආකාරයෙන් 2019 ඔක්තෝබර් 07 වන දින ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 16.1 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සමත් වීය.

එමෙන්ම, වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකිමක් වන අතර, ඒ සඳහා අප සැම එක්ව කටයුතු කළ යුතුව ඇත.