පාකිස්ථානු අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු දකුණු නාවික විධානයේ සංචාරයක

පාකිස්ථාන අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු 2019 ඔක්තෝබර් 09 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, සංචාරය සඳහා සහභාගි වී සිටින ලුතිනන් කර්නල් වකාස් අහ්මඩ් සහ ලුතිනන් කර්නල් තහීර් මොහොමඩ් දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ ධනපාල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, සුහද පිළිසඳරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කරන ලදි.