පකිස්ථානු මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහකොමසාරිස් අතිගරු ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා 2019 ඔක්තෝබර් 09 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් මහකොමසාරිස්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමා විසින් මහකොමසාරිස්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.