මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින රාගම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය එක්ව සිදු කළ වැටලීමකදී කඩවත සිට රාගම දක්වා ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම ත්‍රිරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ හිමිකරු ලඟ තිබි හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 200 ක් සොයා ගැනීමට සමත්ව ඇත. තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ත්‍රිරෝද රථයේ තිබී යුද්ධ හමුදා සාමාජිකයින් භාවිතා කරනු ලබන නිල ඇදුම් කිහිපයක් ද හමුවී ඇති අතර, එම සැකකරු අවුරුදු 28 වන වියෙහි පසුවන රාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

එම සැකකරු, ත්‍රිරෝද රථය, නිල ඇදුම් සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රාගම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.