නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින කල්මුණේ, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරී කාර්යාලය එක්ව අම්පාර, නින්දවුර් ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස විකිණීම සඳහා සූදානම් කර තිබූ මෙම වාලම්පුරි සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී කිලෝග්‍රෑම් 6.120 ක බරකින් යුත් ගෞරි වර්ගයේ වාලම්පුරි 05 සහ ග්‍රෑම් 625 ක බරකින් යුත් ලක්‍ෂ්මි වර්ගයේ වාලම්පුරි එකක් (01) මෙලෙස සොයා ගෙන ඇත.

එම සැකකරුවන් වාලම්පුරි අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබීයදි අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 43 සහ 52 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම සැකකරුවන් සහ වාලම්පුරි සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කරනු ලබයි.