වැදගත් සිදුවීම්

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව අද (2019 ඔක්තෝම්බර් 11) ක්‍රියාත්මක කරන ලදී.

11 Oct 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 10 වන දින පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Oct 2019

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින කල්මුණේ, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

11 Oct 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින රාගම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Oct 2019