වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී මහමෝදර වෙරළ තීරය, තංගල්ල වෙරළ තීරය සහ වැල්ලවවත්ත වෙරළ තීරයෙහි සුන්දරත්වයට හානිවන අයුරින් විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.