නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, එම කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ ඔක්සිජන් සිලින්ඩර් 05 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින් අවුරුදු 25, 27 සහ 28 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, ඔක්සිජන් සිලින්ඩර් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.