නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 12 වන දින පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ නොරෝච්චොලේ, ‍පොලිසිය එක්ව පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් සහ ප්‍රවාහනය කල පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එම පුද්ගලයින් ලඟ තිබී ‍කේරළ ගංජා ග්‍රෑම් 79 සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 294.12 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ලඟ තිබී යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 56 ත් අතර වයස්වල පසුවන පාලවි, පුත්තලම සහ කල්ලඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකරුවන්, යතුරු පැදිය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නොරෝච්චොලේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.