පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 14 වන දින ත්‍රිකුණාමලය, සින්නවේලී ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදි ත්‍රිකුණාමලය, සින්නවේලී වෙරළ තීරයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, පසුව එය පරික ෂාවට ලක් කරන ලදී. එහිදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මෙම මසුන් තොගය සොයාගෙන ඇති අතර, එහිදී ඩිංගි යාත්‍රව, පිටත දහන යන්ත්‍රය සහ මසුන් තොගය නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව සිදු කරන ලබන මෙහෙයුම් හේතුවෙන් මෙම ඩිංගි යාත්‍රාව මසුන් තොගය සමඟ වෙරළ තීරයේ අතහැර දමා සැකකරුවන් පලා ගොස් ඇති බවට සැක පල ‍කරන අතර, අල්ලන ලද මසුන් තොගය, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.