දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදා දායකත්වය

යාපනය, දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් 2019 ඔක්තෝබර් 13 සහ 14 යන දිනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම කඨින පිංකම දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ විහාරාධිපති, ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි අතිපූජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ ගේ උපදෙස් මත උතුරු නාවික විධානය විසින් මෙය සංවිධානය කරන ලද අතර, එය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති ඇතුළු විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඉතා කැපවීමෙන් කටයුතු කරන ලදී.

මෙම පුණ්‍ය උත්සවය සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්ථමේන්තු ප්‍රධානීන් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.