ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) “Carbon Neutral Operations” සහතිකය ලබා ගත් ආසියාවේ ප්‍රථම රෝහල ලෙස හිමිකම් ලබයි

නාවික මහ රෝහල කොළඹ “Carbon Neutral Operations” සහතිකය ලබාගත් ආසියාවේ ප්‍රථම රෝහල බවට පත්විය. ශ්‍රිලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් නාවික මහ රෝහල, කලාපයේ ඒකාබද්ධ තිරසාර විසදුම් සපයන ඉහළම ආයතනය වශයෙන් සැලකෙන Carbon Consulting Company (Pvt) Ltd (CCC) සමඟ එක්වෙමින් රෝහල මගින් විමෝචනය කරන හරිත වායු ප්‍රමාණය මැන බැලීමට කටයුතු කරන ලදි. මෙම ඇගයුම් ක්‍රියාවලිය අවසානයේ දි අදාල කාබන් ප්‍රතිශතය මැන බැලීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පුනර්ජනණීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජණය කිරිමට කටයුතු කර ඇත. ඒ අනුව මෙම කාබන් ප්‍රතිශතයන්ට අදාල දත්ත එක්සත් රාජධානියේ පිහිටි Natural Capital Partners ආයතනය විසින් ලබාගෙන ඇති අතර, ඒ මත පදනම්ව නාවික රෝහල වෙත මෙම සම්මානය පිරිනැමීමට කටයුතු කර ඇත.

නාවික මහ රෝහල විසින් මේ වන විටත් තිරසාරත්ව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අතර, ප්ලාස්ටික් ප්‍රථිචක්ක්‍රීකරණ ව්‍යාපෘති, වෛද්‍ය වාර්ථා සඳහා මෘදු පිටපත් ලබාදීම, අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිශ්පාදනය කිරීම වායු සමීකරණ මගින් පිටවන ලීටර් 3000 ක් පමණ වන ජලය වාහන සේදීම සඳහා භාවිතා කිරීම හා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන වීථි ලාම්පු භාවිතා කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. මීට අමතරව නාවික මහ රෝහල 2018 වර්ෂයේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී හා ජාතික පළදායිතා සම්මාන උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගෙන ඇත.

2010 වර්ෂයේ දී ආරමිභ කළ Carbon Consulting Company (Pvt) Ltd ආයතනය තිරසාරත්වය පිළිබඳ ගැටළු වලට විසඳුම් සෙවිම සඳහා බොහෝ ආයතන සමඟ කටයුතු කර ඇත. ඒ අනුව කාබන්, ජලය, අප ද්‍රව්‍ය, බල ශක්තිය හා ජෛව විවිධත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ දැණුමක් ඇති මෙම ආයතනය ඒකාබද්ධ ආයතනික තිරසාර උපාය මාර්ග සංවර්ධනය පිළිබඳව කළමනාකරණය සහ තාක්ෂණික උපදේශණ සේවා ලබා දීම සිදු කරයි. මෙම ආයතනයේ අරමුණ වන්නේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරිම සහ හරිත ආර්ථිකයක් කරා යන ගමනට සහය වීම තුලින් තිරසාරබව ප්‍රජාව අතර ප්‍රචලිත කිරිමයි.

Carbon Consulting Company (Pvt) Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, සහින් ද සිල්වා විජේරත්න මහතා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ නාවික හමුදාව සහ Carbon Consulting Company (Pvt) Ltd ආයතනය අතර ඇති මෙම සහයෝගිතාවය අනාගත තිරසාරත්ව ක්‍රියාකාරකම් සඳහා විශාල ඉදිරි පියවරක් බවයි. එසේම නාවික හමුදාව සතු මේ සඳහා ඇති කැපවීම ඉතාමත් දිරිගන්වන සුළු බවයි. ශ්‍රිලංකාව ගෝලීය කාලගුණික අවධානම් දර්ශකයේ දෙවන ස්ථානයට පැමිණ ඇති අතර, පසුගිය වසර කිහිපය තුල රටේ බොහෝ ප්‍රදේශ වල ගංවතුර සහ නියඟ තත්වයන් ඇතිවිය. මේ තත්වය ඉදිරියේදී වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බැවින් ඒවා පාලනය කිරිමට සුදුසු පියවර ගත යුතුව ඇත.

Carbon Consulting Company (Pvt) Ltd ආයතනය සිය ආයතනික වගකීම් වල කොටසක් ලෙස ශ්‍රීලංකා නාවික හමුදාව සමඟ අත්වැල් බැඳගෙන සිටියි. එසේම මෙම ආයතනය අහිතකර පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා දිගුකාලින ක්‍රියාමාර්ගයන් සමඟින් නාවික හමුදාව සමඟ කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමට සුදානම්ව සිටියි.

මෙම සහතිකය ප්‍රධානය කිරීම සිදුකරනු ලබන්නේ Natural Capital Partners ආයතනයේ කලාපීය නියෝජිත වශයෙන් කටයුතු කරන Sustainable Future Group (SFG) ආයතනය මගින් වන අතර, එම ආයතනය GHG ISO 14064 සහතිකය ලත් ශ්‍රීලංකාවේ එකම නියෝජීත ආයතනය වශයෙන් කටයුතු කරණු ලබයි. Carbon Neutral සංනාමය රටවල් 30 කට අධික සිය ගණනක් සේවා දායකයින් විසින් භාවිතා කරණු ලබයි. මේ සංනාමය පිරිනමණු ලබන්නේ කාබන් විමෝචනය ප්‍රසස්ථ මට්ටම දක්වා අඩුකර ඇති ව්‍යාපාර හෝ සංවිධාන වලට පමණි. තවද මෙම සංනාමය කාබන් අගය උදාසීන කිරිම සඳහා වන ගෝලීය ප්‍රමිතිය වන අතර, එමගින් ව්‍යාපාර වලට අවශ්‍ය විසඳුම් ගොඩනගා ගැනීමටත් වීමෝචන අගය ප්‍රසස්ථ මට්ටම දක්වා අඩුකර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම සිදුකරයි. තවද විද්‍යාවේ සහ ව්‍යාපාරයන්හි අවශ්‍යතාවයන් කාලාණුරූපිව වෙනස්විමට සමගාමීව මෙකි අගයන්ගේ සංශෝධනය සිදු කරනු ලැබේ.

SFG ආයතනයේ කණ්ඩායම් සමාජීක ලක්මිණි සේනාධීර මහත්මිය විසින් මෙම ජාත්‍යන්තර සහතිකය 2019 ඔක්තෝබර් 15 වන දින නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ප්‍රධානය කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග විනිශ්චය සහ වලක්වාගැනීම), වෛද්‍ය කොමදෝරු ජනක මාරඹේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කපිතාන් අරුණ වීරසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) අණදෙන නිලධාරි, කොමාණ්ඩර් පුබුදු ගුණසේකර සහ Carbon Consulting Company (Pvt) Ltd අයතනයේ ‍නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.