නාවික හමුදාව විසින් ගෝපාල්පුරම් ප්‍රදේශයේදී තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, මිටර් 200 ක් දිගැති එම තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.