මන්ඩතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් එම ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මිලි මීටර් 120 වර්ගයේ මෝටාර් බෝම්බයක්, විද්‍යුත් ඩෙටනේටරයක් සහ සේවා නුල් 03 ක් වලදමා තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ. සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැඩිදුර පරික්‍ෂණ නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.