ලෝක ඕසෝන් දිනය වෙනුවෙන් නාවික හමුදාව කඩෝලාන පැල 2000 ක් සිටුවයි

නාවික හමුදාව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට අයත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වායු සම්පත් කළමනාකරණය සහ ඕසෝන් ඒකකය හා ධීවර සංගම් එක්ව 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, සාලි කලපුවේදී කඩොලාන පැල 2000 සිටුවිමට කටයුතු කරන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයට සමගාමීව නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, නාවිකයින් මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වීය.

තවද, සාගර පරිසර පද්ධතිය සඳහා කඩොලාන ඉතාමත් වැදගත් සාධකයක් වන බැවින් නාවික හමුදාව විසින් සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.