අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි කිමිඳුම් කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 16) අළුයම කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය අසල මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අනවසර ධීවර කටයුතු වල නිරත වු කිමිඳුම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් ජනාධිපති ලේකම් කාර්යයාලය අසල මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කිමිඳුම් කටයුතු වල නිරත වෙමින් අනවසර ධීවර කටයුතු සිදු කරන ලද මෙම කිමිඳුම්කරුවන් දෙදෙනා නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙලස නාවික හමුදා බාරයට ගත් කිමිඳුම්කරුවන් දෙදෙනා සහ කිමිඳුම් ආම්පන්න ඉදිරි නිතිමය කටයුතු සඳහා වරාය පොලිසිය වෙත භාරදෙන ලදි.