වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 17) අළුයම අරිප්පු, නැගෙනහිර වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Oct 2019

හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල සඳහා නාවික හමුදා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (Council International Military Sports) මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කොමදෝරු ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (ඔක්තෝබර් 16) උදෑසන චීනයේ, වුහාන් බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.

17 Oct 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දහනව දෙනෙකු (19) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 16 වන දින ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු තීරයේ, චෙම්ම‍ලේ මුහුදු ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දහනවදෙනෙකු (19) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Oct 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා බාරයට

එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර වියෙහි පසුවන අතර, ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදෙන ලදී.

17 Oct 2019