වැදගත් සිදුවීම්

මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදැරූ එහි 24 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 6 දෙනෙක් සහ නාවිකයන් 43 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිර යෑමේ උත්සවය 2019 ඔක්තෝබර් 17 වන දින ඟගේ වාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

18 Oct 2019