මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශන‍යෙදී මෙම පුද්ගලයා වයස අවුරුදු 63 ක් වන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් හඳුනාගෙන ඇත.

අදාල සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.