හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානය විසින් සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී විෂ්කම්භය මිලිමිටර් 70 ට අඩු හක්බෙල්ලන් 148 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන අරිප්පු ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

මෙම හක්බෙල්ලන් තොගය විකිණිම සඳහා සුදානම් කර තිබියදි නාවික හමුදා බරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිනීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිනීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.