නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී වලංගු ධීවර අවසරපත් නොමැතිවවීම සහ නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, නීති විරෝධී දැලක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් අවුරුදු 24 සහ 27 වන වියෙහි පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, නීති විරෝධී දැල ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.