තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් පුල්මුඩේ සහ පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් අද (2019 ඔක්තෝබර් 20) පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 18 ත් 28 ත් අතර වයස් වල පසුවන පුරනියාර් නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

තවද, එම විධානය විසින්ම අද පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැල් 02 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 23 ත් 38 ත් අතර වයස් වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.