වැදගත් සිදුවීම්
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් පුල්මුඩේ සහ පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
20 Oct 2019
නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
20 Oct 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව කල්ලඩි වෙරළ තීරයේ සහ ත්‍රිකුණාමලය, පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.
20 Oct 2019
රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි
නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් (මැරීන්) එෆ්.වී. වෑන් ස්ප්‍රෑන්ග් 2019 ඔක්තෝබර් 19 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
20 Oct 2019
සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය
වෙරළ තීරයන් ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ඔක්තෝබර් 20) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.
20 Oct 2019
ගාලු කථීකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය හෙට කොළඹදී
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේදී ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට සියළුම කටයුතු සුදානම් කර ඇත.
20 Oct 2019


