වැදගත් සිදුවීම්

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දහ වන වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

21 Oct 2019

නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු (05) 2019 ඔක්තෝබර් 20 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Oct 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 27.85 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 20 වන දින නච්චිකුඩා, කීරිකුඩා ධීවර ගම්මානයට අයත් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 27.85 ක් සොයා ගෙන ඇත.

21 Oct 2019