වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිඳුරළ නෞකාවෙදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.

22 Oct 2019

නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය සමඟින් 2019 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් 22 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

22 Oct 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට

නාවික හමුදාව පුල්මුඩේ, කෝකිලායි මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 21 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

22 Oct 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

22 Oct 2019

නාවික හමුදාධිපතිතුමා සහ විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු 2019 ඔක්තෝබර් 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

22 Oct 2019