නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, පුන්කුඩුතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව්ත් මහතා විසින් විවෘත කෙරුණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත උතුරු නාවික විධානය භාර ආඥාපති ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම පෙර පාසල උතුරු මැද නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලදී. මෙම පෙර පාසල ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් සහකාර ප්‍රා‍දේශිය ලේකම් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝඨයිම්බර’ ආයතනයේ නාවික පුද්ගලයින්, වේලනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.