ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්, වික්ටෝරියා කෝක්ලේ (Victoria Coakley) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් 2019 ඔක්‍‍තෝබර් මස 23 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනයේ සංචාරයක නිරත විය.

එහිදී, නාවික අණභාර නිලධාරී (හම්බන්තොට), කොමදෝරු අශෝක විජේසිරිවර්ධන විසින් නියෝජ්‍ය මහකොමසාරිස් තුමිය ඇතුළු දූත පිරිස පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. එහිදී කොමදෝරු අශෝක විජේසිරිවර්ධන විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව හා නාවික හමුදාවේ කාර්යභාරය පිලිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ සහයක, ඩේවිඩ් ‍බ්‍රෙව්ටර් (Devid Brewter) සහ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ නිළධාරී, එරීකා කුලී (Erika Culley) ද සහභාගිවී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.