ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටැනජ ගොන්ග්‍රිජ් මහත්මිය 2019 ඔක්තෝබර් මස 23 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදී, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් තනාපතිනිය ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඇය සමඟ සුහද පිළිසඳරක නිරත විය. එහිදී ආඥාපතිතුමා විසින් දකුණු නාවික විධානයේ කාර්යභාරය පිළිබඳව තානාපතිනිය දැනුවත් කරන ලදි. අනතුරුව තනාපතිනිය සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් අංශයේ අවි ගබාඩාවන් නිරීක්ෂනයට එක් වූ අතර, මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක ද සහභාගිවී සිටියහ.