වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශ‍යේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත උතුරු නාවික විධානය භාර ආඥාපති ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම පෙර පාසල උතුරු නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලදී. මෙම පෙර පාසල ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් සහකාර ප්‍රා‍දේශිය ලේකම් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී.

එම අවස්ථාව සඳහා නාවික ස්ථානගත කිරීම ‘වෙත්තලකර්නි’ ආයතනයේ නාවික පුද්ගලයින් සහ වඩමාරච්චි, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගීවී සිටියහ.