ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 24 වන දින වව්නියාව, ‍තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වව්නියාව, ‍තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු පොහොර පැකට් 458 ක් (කිලෝග්‍රෑම් 45.8) සොයා ගැනීමට සමත්ව ඇත. මෙම පොහොර තොගය‍ වෙළඳසැලක් තුල විකිණිම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී වෙළදසැලෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා සහ නීති විරෝධී පොහොර තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වව්නියාව, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.