නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් උතුරු නාවික විධානය විසින් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් අද (2019 ඔක්තෝබර් 25) උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතන පරිශ්‍රය තුල කොස් පැළ, අඹ පැළ සහ කොට්ටම්බ පැළ විශාල ප්‍රමාණයක් සිටුවිමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර, නියෝජ්‍ය ආඥාපති, උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරි මෙන්ම නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

තවද, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එම විධානයට අනුයුක්ත නාවිකයින් පස්දෙනෙකු (05) හට පාපැදි පරිත්‍යාග කිරීම ද උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා ‍විසින් සිදු කරන ලද අතර, එහි අරමුණ වූයේ පරිසරය සුරැකීමට දායකවීම සහ නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමයි.