මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව අද (2019 ඔක්තෝබර් 26) උදෑසන හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම පුද්ගලයා පරික්‍ෂාවට ලක් කර ඇත. සිදු කල පරික්‍ෂාවේදී ඔහුගේ උදරය ප්‍රදේශයේ සඟවා ගෙන තිබූ කේරළ ගංජා ග්‍රෑම් 736 සොයා ගැනීමට සමත් වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29 ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කරනු ලබයි. මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.