කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 26 වන දින යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.232 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන් කරමින් තිබු සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 33 ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.