හඳුනා නොගත් මළ සිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 27) නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී.

කොළඹ වරාය පාලන අධිකාරිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව බටහිර නාවික විධානය විසින් කිමිදුම් කණ්ඩායමක් මෘත දේහය ගොඩබිමට රැගෙන ඒමට පිටත් කරන ලද අතර, ඒ සඳහා වරාය පොලිසියට අයත් නිලධාරින් කණ්ඩායමක් ද එක්වී සිටියහ. ඒ අනුව, කොළඹ, වරාය පිවිසුම අසල මුහුදේ පාවෙමින් තිබූ එම මෘතදේහය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කල අතර, මෘත දේහය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.