නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 03 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.