වැදගත් සිදුවීම්

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

28 Oct 2019

කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් කොළඹදී

බස්නාහිර පළාතේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් අද (2019 ඔක්තෝබර් 28) දෙහිවලදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන සහභාගී වීය.

28 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ සිය 06 වන සංවත්සරය අද (2019 ඔක්තෝබර් 28) අභිමානවත් ලෙස සමරන ලදි.

28 Oct 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

28 Oct 2019

මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනි

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

28 Oct 2019

නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 03 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර,

28 Oct 2019