ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ සිය 06 වන සංවත්සරය අද (2019 ඔක්තෝබර් 28) අභිමානවත් ලෙස සමරන ලදි.

ඒ අනුව, සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (නාසෙ) උදය කුමාර ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබූ අතර, එහිදී පසුගිය දින කිහිපය පුරා සුහද ක්‍රිකට් සහ අත්පන්දු තරඟ පැවැත්විමට කටයුතු යොදා තිබුණි. තවද, නාවික සාම්ප්‍රදායානුකූලව අද උදෑසන ආයතනයේ අණදෙන නිලධාරී ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැති අතර, එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල සහ විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් ද සහභාගීවී සිටියහ.