ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය - 2019

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2019 ඔක්තෝබර් 24 වන දින සිට 28 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු සහභාගී වූහ. දින 5 ක් පුරා පැවැති මෙම තරඟාවලියේදී තියුණු තරඟයකින් අනතුරුව සමස්ථ තරඟාවලියේ ශූරතාවය බටහිර නාවික විධානය හිමි කර ගත් අතර, අනුශූරතාවය නාවික දියත් විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අණදෙන නිලධාරින් ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගිවි සිටියහ.