අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ හඳුනාගත් ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

ඒ අනුව, මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තංගල්ල, රන්න ප්‍රදේශය හරහා වැටී ඇති ඌරුබොක්ක ඔය පිටාර ගැලීමත් සමග එම පිටාර ජලය බැස යාම සඳහා ඇති වාන් දොරටු මත අපද්‍රව්‍ය සිරවී වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව ජලය බැස යාම අවහිර වී තිබුණි. තවද, ගාල්ල ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම තුල ද අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජීවත්වන ජනතාව ගංවතුර අවදානමකට ලක්ව තිබූ අතර, එයට පිලියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව විසින් දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් අද (2019 ඔක්තෝබර් 30) ඌරුබොක්ක ඔය වෙත ද, නාවික හමුදා මැරීන් බලඝණයේ සහන කණ්ඩායමක් වක්වැල්ල පාලම වෙත ද පිටත් කර යවන ලදී.

එහිදී නාවික හමුදා සහන කණ්ඩායම් එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදී. තවද මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස දකුණු පළාතේ තවලම, නෙළුව, අකුරැස්ස, හුංගම සහ කඹුරුපිටිය ප්‍රදේශයන්හි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් කිහිපයක් මේවන විට අනුයුක්ත කර ඇත.


වක්වැල්ල පාලම පිරිසිදු කිරීම


ඌරුබොක්ක ඔයේ වාන් දොරටු විවෘත කිරීම


නාවික හමුදාව ප්‍රවාහන පහසුකම් ලබා දීම