දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

මොහොට්ටිගොඩ, ගෝණපල පාරේ ඇති පාලමකින් වැටි දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් 2019 ඔක්තෝබර් 31 වන දින ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මොහොට්ටිගොඩ, ගෝණපල පාරේ ඇගළුම් කර්මාන්ත ශාලාව අසල ඇති පාලමෙන් පුද්ගලයෙකු වැටි දියේ ගිලී අතුරුදන් වී ඇති බව මොරගහහේන පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වූ අතර, අදාල මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මොරගහහේන පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.