නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) වාකරේ, කෝවිල් කුඩිඉරිප්පු ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් වාකරේ, කෝවිල් කුඩිඉරිප්පු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් දැල සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.